Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිකරු නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන රු.ලක්ෂ 10ක ආධාර මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා නිර්දේශ ලබාදීමට රු. 50,000ක අල්ලසක් ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ මුදලේ පළමු වාරිකය ලෙස රු 146,000ක මුදලක් පසුගිය අගෝස්තු මස 19වන දින පැමිණිකරු ලබාගන්නා අවස්ථාවේ දී ඉන් රු 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.

පසුව ඉතිරි අල්ලස් මුදල ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා නිර්දේශය ලබාදීම වෙනුවෙන් රු.25,000ක මුදලක් ඉල්ලා එය ලබාගැනීමේ දී ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරියාව ඊයේ දින (15) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නිලධාරියා අත්අඩංගුවට පත්ව තිබුණේ නියාගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංවර්ධන අංශය තුළ දීයි.

Exit mobile version