Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ‍්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 142ක් පක්ෂව ඡන්දය දෙයි

ඊශ‍්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගැනීමට ජගත් මහා මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 142ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකාව ඇතුළු රටවල් 10ක් විරුද්ධ වෙයි.

පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 142 අතර ශ්‍රී ලංකාවද සිටිනවා.

මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දැරූ සෞදි අරාබිය සහ ප්‍රංශයට අපගේ අවංක කෘතඥතාව පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට අනුකූලව, රාජ්‍යත්වය සඳහා පලස්තීන ජනතාවට තිබෙන අහිමි කළ නොහැකි අයිතිය පිළිබඳව ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කරයි.

Exit mobile version