Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රු.මි 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රු.මි 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මෙම තොගය නාවික හමුදා භාරයට ගැනීමට හැකිව ඇත.

මේ සමග සැකකරුවන් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19ත් 56ත් අතර පසුවන්නන් බවද නාවික හමුදාව පවසයි.

මේ සමගම අදාළ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ බව කියන ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ ඩිංගි යාත්‍රා දෙක, කේරළ ගංජා තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඩෙල්ෆ්ය් සහ වන්කාලෙයි යන පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

Exit mobile version