Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බ්‍රිතාන්‍යයෙන් දැවැන්ත වාසියක්

ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බ්‍රිතාන්‍යයෙන් දැවැන්ත වාසියක්

ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට බ්‍රිතාන්‍යයෙන් දැවැන්ත වාසියක්

එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට විශාල ලෙස වාසියක් හිමිවී තිබේ.

2026 වසරේ සිට, ශ්‍රී ලාංකික ඇඳුම් නිෂ්පාදකයින්ට තම නිෂ්පාදනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම රටකින් ද්‍රව්‍ය භාවිතා කර අමතර බදු ගෙවීමකින් තොරව එක්සත් රාජධානියට ඒවා අලෙවි කළ හැකිය.

එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය පහසුකම යටතේ හදුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තියට අනුව මෙසේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම වාසිය හිමිවී ඇති බවයි මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

මිට පෙර ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදකයින්ට අමතර බදු ගෙවීමකින් තොරව එක්සත් රාජධානියට ඇඳුම් අලෙවි කළ හැකිව තිබුනේ දකුණු ආසියානු රටවලින් ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් පමණක් වන අතර, ඇඳුම් නිෂ්පාදනය ආකාරය සම්බන්ධයෙන් ඇගලුම් නිෂ්පාදකයින්ට දැඩි නීති රීති අනුගමනය කිරීමට සිදු විය.
එක්සත් රාජධානියේ නව වෙළඳ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලාංකික ඇඳුම් නිෂ්පාදකයින්ට තම නිෂ්පාදනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම රටකින් ද්‍රව්‍ය භාවිතා කර අමතර බදු ගෙවීමකින් තොරව එක්සත් රාජධානියට ඒවා අලෙවි කළ හැකිය.

එක්සත් රාජධානිය ආසියානු රටවල් 18 කින් සමන්විත නව කණ්ඩායමක් පිහිටුවා ඇති බවත්, ශ්‍රී ලංකාවට එම රටකින් සිය ඇඟලුම් නිෂ්පාදන සදහා ද්‍රව්‍ය භාවිතා කළ හැකි අතර එක්සත් රාජධානියට අපනයනය කිරීමේදී ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලෙස සැලකිය හැකි බවට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

මෙමගින් ශ්‍රී ලංකාවට අමතර බදු නොමැතිව වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් එක්සත් රාජධානියට අලෙවි කිරීමට පහසු වේ.

තීරු බදු ප්‍රතිපත්ති ලිහින් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තයට අයත් අපනයන තරඟකාරිත්වය තවත් ශක්තිමත් වන බවත් ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ඇඟලුම් වෙළඳපොලේ නව අවස්ථා විවෘත වනු ඇතැයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටියි.

Exit mobile version