Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළට

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර

මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එහි කළමණාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මාස 06ට සාපේක්ෂව එම වර්ධනය සිදුව ඇති බවයි.

කලාපයේ අනෙකුත් රටවල් සමග තරගකාරී මිළ ගණන් පවත්වාගෙන යාමෙන් ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකිවූ බව කළමණාකර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ මහතා තවදුරටත් කියා සිටියේ ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීමේදී අදාල සමාගම් විසින් සිදුකරන ගෙවීම් සඳහා පහසු මෙන්ම ඉක්මන් ක්‍රමවේ‍දයක් 2025 ජුලි මාසයේ සිට හඳුන්වා දී ඇති බැවින් වැඩි සමාගම් ප්‍රමානයක් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

Exit mobile version