Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවේ දී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

මැලේසියාවේ බුකිට් ටැම්බුන් හි සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ප්‍රවෘත්ති වාර්තාවකට අනුව, මැලේසියානු පොලිසිය සිදුකළ වැටලීම් දෙකකදී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද හෙරොයින් සැකසුම් රසායනාගාරයක් සාර්ථකව වැටලීමට හැකිව ඇත.

වැටලීම් අතරතුර, වයස අවුරුදු 25ත් 46ත් අතර පසුවන මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

වැටලීම් දෙකකදී නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 1.7කට වඩා, කැෆේන් කිලෝග්‍රෑම් 26ක්, රසායනික ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි මාසයේ සිට මෙම සින්ඩිකේට් ක්‍රියාත්මක වී දේශීය වෙළඳපොළ සඳහා හෙරොයින් නිෂ්පාදනය කර ඇති බව පොලිසිය පැවසීය.

බුද්ධි අංශ වාර්තාවලට අනුව, මෙම කල්ලිය ජනවාරි මාසයේ සිට මත්ද්‍රව්‍ය සැකසුම් කටයුතුවල නිරත වී ඇති අතර ඔවුන් සැකසූ හෙරොයින් දේශීය වෙළඳපොළ සඳහා නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් දේශීය පුද්ගලයන් දෙදෙනා සතුව මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පෙර වාර්තා තිබූ අතර, ශ්‍රී ලාංකික පුද්ගලයාට එවැනි කිසිදු පෙර වාර්තාවක් නොතිබිණු බව මැලේසියාවේ මාධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version