Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සයිබර් වංචාවලට ලංකාවට පැමිණි චීන ජාතිකයින් 05 දෙනෙක් පිටුවහල් කරයි

සයිබර් වංචාවලට ලංකාවට පැමිණි චීන ජාතිකයින් 05ක් පිටුවහල් කරයි

සයිබර් වංචාවලට ලංකාවට පැමිණි චීන ජාතිකයින් 05ක් පිටුවහල් කරයි

සයිබර් වංචා සිදු කිරීම සදහා මෙරටට ඇතුළු වීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු ඊයේ දින (13) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන් ඊයේ (13) උදෑසන 10.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඉන්පසුව මොවුන් සිය ආගමන කටයුතු සදහා නිශ්කාශන ක්‍රියාවලිය සදහා පිවිස සිටීමේදී ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර විමර්ශන සිදු කර තිබේ.

කොළඹ වරාය නගරයේ පිහිටුවා ඇති සමාගමක සේවය කිරීමට පැමිණෙන බවට මොවුන් ප්‍රකාශ කරමින් මෙරටට ඇතුළු වීමට තැත් කළ මෙම චීන ජාතිකයන් මෙරට රැදී සිටිමින් රැකියා කිරීම සදහා අවශ්‍ය පූර්ව වාස වීසාද ලබා ගෙන තිබුණි.

ඉන්පසුව එම සමාගමේ උසස් නිලධාරීවරයෙකුගෙන් මේ පිළිබද විමසීමේදී, මොවුන් මෙරටට පැමිණීමේ අරමුණු සහ ඔවුන්ගේ රැකියාවල ස්වභාවය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට, එම නිලධාරීවරයා අසමත් වී තිබේ.

එසේම ඔවුන් සතුව පැවති එම සමාගම විසින් නිකුත් කර තිබූ රැකියා සදහා ඇරයුම් ලිපිවලද එකිනෙකට වෙනස් පරස්පරතාද දක්නට තිබුණි.

එමෙන්ම මොවුන් මීට පෙර, සයිබර් අපරාධ වැඩි වශයෙන් පැවති කාම්බෝජයේ සහ පිලිපීනයේ සැක කටයුතු සමාගම්වලද සේවය කර තිබුණි.

මේ කරුණු සියල්ල පිළිබද විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම චීන ජාතිකයන් 05 දෙනා ආපසු පිටුවහල් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version