Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් කැඳවයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් කැඳවයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් කැඳවයි

2024 (2025) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද (12) සිට මේ සඳහා අයඳුම් කිරීමට අවස්ථාව සැලසෙන අතර අගෝස්තු 26 වනදායින් අයදුම්පත් කැඳවීම අවසන් වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” (our services) යටතේ ඇති පිරිවෙන් සාමාත්‍ය පෙළ විභාගය – 2024 (2025) – උත්තර පත්‍ර නැවත සමීක්ෂණය [Piriven Oridinary Level Examination-2024 (2025) – Re-scrutiny of Results) වෙත පිවීසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස ” අපගේ සේවා” (our services) යටතේ ඇති Exam Information Center සබැඳිය හරහාද අයදුම් කිරීමට හැකියාව ඇත.

Exit mobile version