Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කෙරේ

2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කරයි

2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කරයි

එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

Exit mobile version