Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් රටින් පිටුවහල් කිරීමට අධිකරණයෙන් නියෝග.

ලැප්ටොප් ඇතුළු උපාංග සමග අකුරේගොඩදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 11 දෙනා රටින් පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.
ඒ, ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් දඩයක් ද නියම කළේ ය.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද බුද්ධි තොරතුරක් මත අකුරේගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ, පසුගිය 4 වැනිදා පස්වරුවේයී.

ඒ අතර කාන්තාවන් තුන්දෙනෙකු ද වේ.

ඔන්ලයින් සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට වන චෝදනාව යටතේ ඔවුන් මෙසේ අඅත්අඩංගුවට පත්විය.

Exit mobile version