Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස්පති දේශබන්දු වරදකරු – පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කරයි

පොලිස්පති දේශබන්දු වරදකරු වේ - පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කරයි

පොලිස්පති දේශබන්දු වරදකරු වේ - පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කරයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහුව වරදකරු බවට පත් කර තිබේ.

ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට දැනුම් දි තිබේ.

අදාළ කමිටු වාර්තාව අද (22) දිනයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ අතර, එහි අඩංගු කාරණා සම්බන්ධයෙන් කථානායකවරයා අදහස් පළ කළා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සමාජිකයින් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මහතා සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජික ලලිත් ඒකනායක මහතායි.

මෙම කමිටුව, සිය පරීක්ෂණ පවත්වා, පනතේ 8(2) වගන්තියට අනුව, අදාළ නිලධාරියාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

කතානායකවරයා මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් පැවසුවේ ඉතිහාසයේ එවැනි කමිටුවක් පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියේ විධිවිධාන යටතේ පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් සිය සොයාගැනීම් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බවයි.

ජනතාවගේ ස්වෛරී කැමැත්ත නියෝජනය කරන මෙම පාර්ලිමේන්තුව, කමිටුවේ සොයාගැනීම් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සලකා බැලීමේ බැරෑරුම් වගකීම දරන බවත්, විවාදය සහ ඡන්දය සඳහා නියමිත දිනය නියමිත වේලාවට සභාවට දැනුම් දෙන බවත් කතානායකව‍රයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදි.

Exit mobile version