උතුරු ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 67 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජාතීන්ගේ ආධාර ලොරි රථ ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
ට්‍රක් රථ 25ක් පමණ ඊශ්‍රායලයෙන් ගමන් ආරම්භ කර ටික වේලාවකට පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම බොහෝ ජාත්‍යන්තර සංවිධාන හෙළා දැක තිබෙන අතර ගතවූ පැය 24තුළ පමණක් කුසගින්න හේතුවෙන් ගාසා තීරයේ මරණ 18ක් වාර්තා වෙයි.