Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය වත්කම් බිලියන 2,500කින් ඉහළට

රජයේ වත්කම් බිලියන 2,500කින් ඉහළට

රජයේ වත්කම් බිලියන 2,500කින් ඉහළට

රජයේ මුළු ණය සහ රජයේ මුළු වත්කම් අතර පරතරය සැලකිය යුතු ප්‍රතිශතයකින් වෙනස් වී ඇති බව 2024 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවෙන් හෙළි වෙයි.

2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය රුපියල් බිලියන 28,720ක් වූ අතර, මුළු වත්කම් ප්‍රමාණය රුපියල්බිලියන 5,920ක් විය. ඒ අනුව රජයේ මුළු වත්කම් සහ රජයේ මුළු ණය අතර පරතරය රු. බිලියන 22,800ක් ලෙස දැක්විණි.

2024 වසර අවසන් වන විට රජයේ මුළු ණය රුපියල් බිලියන 29,252ක් වූ බවත්, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 8,359ක් වූ බවත් අදාළ වාර්තාව පෙන්වා දෙයි. මේ අනුව රජයේ මුළු වත්කම් සහ රජයේ මුළු ණය අතර පරතරය රුපියල් බිලියන 20,893 දක්වා පහත වැටී තිබේ.

Exit mobile version