Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධීවර වරායන් 4ක් කඩිනමින් සංවර්ධනය කිරීමට ප්‍රංශයේ සහාය

ධීවර වරායන් 4ක් කඩිනමින් සංවර්ධනය කිරීමට ප්‍රංශයේ සහාය

ධීවර වරායන් 4ක් කඩිනමින් සංවර්ධනය කිරීමට ප්‍රංශයේ සහාය

ගාල්ල / බේරුවල පුරාණවැල්ල සහ කුඩාවැල්ල යන ධීවර වරායන් හතරෙහි සංවර්ධනයට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය එකගතාව පළ කර තිබෙනවා.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බට් මහතා අතර සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

ඒ ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා ඇතුලු නියෝජිත පිරිසක් ප්‍රංශයේ කළ සංචාරයයි.

ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ නියෝජිතයන් සමග එහිදි සාකච්ඡා කර ඇති අතර ගාල්ල / බේරුවල පුරාණවැල්ල සහ කුඩාවැල්ල යන ධීවර වරායන් හි සංවර්ධනය පිළිබද එහිදි අවධානය යොමුකර තිබේ.

අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමටයි කටයුතු කෙරුණේ.

විදේශ අමාත්‍යාංශ අනුමැතිය ලැබීමෙන් පසු මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

Exit mobile version