Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පැවසුවේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, අමෙරිකාවට අපනයනය කිරීම සඳහා කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවය.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අගෝස්තු 1වනදා වනවිට තවදුරටත් අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් රජයේ උත්සාහයන්ට සහායදීමට සූදානම් බවද ලංකා වාණිජ මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version