Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට නඩු

මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සොයා බැලීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට

මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සොයා බැලීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, විශේෂ මදුරු මර්දන සතියේ තුන්වැනි දිනය අවසන් වනවිට, පරිශ්‍ර 78,721ක් පරික්ෂා කල බවයි.

ඒ අනුව පසුගිය අඟහරුවාදා (02) දිනය තුළ පරික්ෂා කර ඇති පරිශ්‍ර ගණන 30, 367කී.

ඉන් 117 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

පසුගිය 30 වැනිදා සිට දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ මදුරු මර්දන සතිය ආරම්භ කළේය. ඊයේ දිනය (03) එහි සිව්වන දිනයයි.

Exit mobile version