Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ශානි අබේසේකර

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළා.

මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබෙනවා.

මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

Exit mobile version