Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය සහ ශ්‍රී ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහනට නව ගුවන් සේවය

චීනය සහ ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක්

චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි මංගල ගුවන් යානය අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එස්.එෆ්.ගුවන් සේවය (S.F.Air Line) මෙම මංගල ගුවන් ගමන සදහා බෝයිං – 747 – 200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

මෙම ගුවන් යානය චීනයේ කුංමිං නුවර සිට අද් (26) උදෑසන 10.50ට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක්ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙතැන් සිට සතියේ සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දින වල චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙසේ ශ්‍රී ලංකාව සහ චීනය අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයේ ආරම්භ වීම මෙතෙක් කළක් පැවති විශාල අවශ්‍යතාවයක් සම්පූර්ණ වීමකි.

Exit mobile version