Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිඟන් සංස්ථාවෙන් ආයතන 2කට රු. කෝටි 50කට වැඩි ගාණක පොල්ලක්

පිඟන් සංස්ථාවෙන් ආයතන 2කට රු. කෝටි 50කට වැඩි ගාණක පොල්ලක්

පිඟන් සංස්ථාවෙන් ආයතන 2කට රු. කෝටි 50කට වැඩි ගාණක පොල්ලක්

ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 50කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ලංකා පිඟන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වර්ග 6ක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 12කට වැඩි මුදලක්ද මෙසේ ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර, බංගදෙනිය කම්හල පිහිටි ඉඩමේ ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණද අක්කර 7ක ඉඩම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම එම කම්හලේ ඉඩම් හා ප්‍රයෝජනයට ගෙන නැතැයිද එම වාර්තාව සඳහන් කරයි.

Exit mobile version