Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කතරගම ප්‍රාදේශීය රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

කතරගම ප්‍රාදේශීය රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

කතරගම ප්‍රාදේශීය රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට, පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බවට මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම රජයේ අභිප්‍රාය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

‌‌ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් කතරගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම බ්‍රහස්පතින්දා දින (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරුණි

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව කතරගම ප්‍රදේශයේ ජනතාවගේ සහ දෛනිකව කතරගම පූජාභූමිය වෙත සංචාරය පැමිණෙන දෙස් විදෙස් බැතිතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා රුපියල් මිලියන 33ක වියදමකින් මෙම නවීන පහසුකම්වලින් යුත් නව වාට්ටු සංකීර්ණය ඉදිකර තිබෙන අතර මෙම වාට්ටු සංකීර්ණය සූතිකාගාරයක් සහ සාමාන්‍ය ඇඳන් 47කින් සමන්විත වන අතර, නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කාමර පද්ධතියකින්ද යුක්ත වේ.

Exit mobile version