Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන – ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි තත්ත්වයකදී සම්බන්ධ වීමට දුරකතන අංක

ඉරාන – ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි තත්ත්වයකදී සම්බන්ධ වීමට දුරකතන අංක

ඉරාන – ඊශ්‍රායල කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි තත්ත්වයකදී සම්බන්ධ වීමට දුරකතන අංක

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ එම කළාපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් හදිසි තත්ත්වයකදී සම්බන්ධ විය හැකි දුරකතන අංක කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හදුන්වා දී තිබේ.

පවතින තත්ත්වයන් යටතේ එම කලාපයන් හී පදිංචිව සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග නිතිපතා සම්බන්ධතා පවත්වන ලෙස දැඩිව උපදෙස් ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

පහත දැක්වෙන දුරකථන අංක මගින් හදිසි සම්බන්ධතා සඳහා පැය 24 පුරාවට ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකියි.

Embassy of Sri Lanka – Israel

▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)

Embassy of Sri Lanka – Tehran

▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)

යුද ගැටුම් හමුවේ එම කළාපයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල උපදෙස්වලට සහයෝගය දක්වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Exit mobile version