Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්මය ජනක ආකාශ වස්තුවක් සොයා ගැනේ

තාරකා විද්‍යාඥයින් විස්මය ජනක ආකාශ වස්තුවක් සොයා ගැනේ

තාරකා විද්‍යාඥයින් විස්මය ජනක ආකාශ වස්තුවක් සොයා ගැනේ

විනාඩි දෙකක් පවතින සහ සෑම විනාඩි 44කට වරක් පුනරාවර්තනය වන දීප්තිමත් රේඩියෝ තරංග සහ එක්ස් කිරණ නිකුත් කරන විශ්මය ජනක ආකාශ වස්තුවක් තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

එක්ස් කිරණ හා සම්බන්ධ ආකාශ වස්තුවක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ කර්ට්න් රේඩියෝ තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ආකාශ වස්තුන් කවරේද ඒවා අසාමාන්‍ය සංඥා නිකුත් කරන්නේ කෙසේද යන්න තවමත් අභිරහසක් බවයි.

මෙම වස්තුව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 15000ක් පමණ දුරින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති මන්දාකිණියේම පිහිටා තිබෙනවා.

Exit mobile version