Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීමට එරෙහිව ෆෙඩරල් අධිකරණයකින් තීන්දුවක්

ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීමට එරෙහිව ෆෙඩරල් අධිකරණයකින් තීන්දුවක්

ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීමට එරෙහිව ෆෙඩරල් අධිකරණයකින් තීන්දුවක්

අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය තීරු බදු පැනවීමේ ප්‍රතිපත්තිය සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට, එරට ෆෙඩරල් අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දී තිබේ.

මෙම තීන්දුව මගින් සිය රටට බලපාන අන්දමින් තීරු බදු පැනවීමට ධවල මන්දිරයට ඒකපාර්ශ්වික අධිකාරියක් හිමි නොවන බව, පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනෙකුත් ජාතීන් සමග වාණිජ කටයුතු නියාමනය කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයට සුවිශේෂි බලතල ලබා දෙන බවද, මෙම ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය පෙන්වා දෙයි.

මෙම තීන්දුව මගින් ජනාධිපතිවරයා සතු ආර්ථිකය ආරක්ෂා කිරීමේ වගකීම අවලංගු නොවන බවද, අධිකරණය පෙන්වා දී තිබේ.

අමෙරිකානු වාණිජ අධිකරණය ලබා දුන් මෙම තීන්දුවට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් ආර්ථික ප්‍රතිපත්තිවලට එල්ල වූ පහරක් ලෙස, ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Exit mobile version