Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන ජන්දයේ වාර්තා නොදුන් අපේක්ෂකයින්ට කොමිසමෙන් රතු එළි

පළාත් පාලන ජන්දයේ වාර්තා නොදුන් අපේක්ෂකයින්ට කොමිසමෙන් රතු එළියක්

පළාත් පාලන ජන්දයේ වාර්තා නොදුන් අපේක්ෂකයින්ට කොමිසමෙන් රතු එළියක්

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද දින (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ, එම වාර්තා ලබා නොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට වාර්තා කරන බවයි.

අනතුරුව නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන භාරනොදුන් පුද්ගලයින් පිළිබදව නිත්‍යානුකුලව කටයුතු කිරිමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.

මේ අතර ගැසට් පත්‍රයේ පළ කිරිමට තවදුරටත් සභිකයින්ගේ නම් භාර නොදුන් ස්වාධින කණ්ඩායම් හා දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට හෝ තේරිම්භාර නිළධාරින්ට එම නම් ලබාදෙන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.

Exit mobile version