විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ 100, 413ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි.
විදේශ රැකියා නියෝජිත ලියාපදිංචි නොවී විදේශ ගතවූ සංඛ්‍යාව 64,150වන අතර, එවැනි ආයතනයක් හරහා ලියාපදිංචි වී විදේශ ගතවූ සංඛ්‍යාව 36,263ක්.
ඊට කාන්තාවන් 39,496ක්ද පිරිමි පුද්ගලයින් 6,0917ක්ද ඇතුළත්.
ඒ අතරින් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672ක්.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474ක්, කටාර් රාජ්‍ය සඳහා 14,162ක්ද, සෞදි අරාබිය සඳහා 12,625 පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
ඒ අනුව, මේ වසරේ දී 340,000ක් විදේශ ගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.