ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින් සහ අනුශුරයින්ට මෙන්ම සෙසු ස්ථාන සඳහා පිදෙන මුදල් තාග්‍ය අද දින (15) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.
ඒ අනුව එළඹෙන ජුනි 11 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක දැවැන්ත මුදල් තග්‍යක් හිමිවීමට නියමිතයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 107 දශම 5කට අධික මුදලක් වනවා.
මෙම මුදල සැලකෙන්නේ 2021 සහ 2023 වසරේ ශුරයින්ට පිදුණ ජයග්‍රාහී මුදල් තාග්‍ය මෙන් දෙගුණයක මුදලක් ලෙසයි.
අනුශුරයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 2.16ක මුදල් තග්‍යක් හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 64කට අධිකයි.
මෙවර ලෝක ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 840,000ක (අටලක්ෂ හතලිස් දහසක) මුදලක් හිමිවීමට නියමිත අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කොටි 25කට අධික මුදලක් ලෙසයි සැලකෙන්නේ.