Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට

අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට

අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට

2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇති බවට වාර්තාවනවා.

ඒ අනුව අප්‍රේල් මාසය සඳහා වන ජාතික තේ අලෙවියේ සාමාන්‍යය තේ කිලෝවක් සඳහා රුපියල් 1,116.75 (ඩොලර් 3.9ක්) ලෙස පහත වැටී තිබෙනවා.

මෙය මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 4.02) හා සැසඳීමේදී රුපියල් 17.01ක් (ඩොලර් 0.11ක) අඩු වීමක්.

මේ අතර 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ජාතික තේ අලෙවියේ සාමාන්‍යය අගය වූ තේ කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 1,216.85 (ඩොලර් 4.06) හා සැසඳීමේදී මෙම අලෙවිය රුපියල් 50.10කින් එනම් ඩොලර් 0.15කින් අඩු වූවක් බවයි සදහන් වන්නේ.

Exit mobile version