Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆාතිමා හාදියා චාරිකාවක් යද්දී පොලිස් පරීක්ෂාවට; චාරිකාව නවත්වා නැවත යෑමට සිදුවෙලා

ෆාතිමා හාදියා චාරිකාවක් යද්දී පොලිස් පරීක්ෂාවට; චාරිකාව නවත්වා නැවත යෑමට සිදුවෙලා

ෆාතිමා හාදියා චාරිකාවක් යද්දී පොලිස් පරීක්ෂාවට; චාරිකාව නවත්වා නැවත යෑමට සිදුවෙලා

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂ්මිගේ බිරිඳ වන ෆාතිමා හාදියා සිය දරුවන් ඇතුළු පවුලේ උදවිය සමඟ කොළඹ චාරිකාවක යමින් සිටියදී බොරැල්ල පොලීසිය ඔවුන් ගමන් කරමින් තිබුණු බස් රිය නවත්වා තිබෙනවා.

බස් රිය නවත්වා එය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ෆාතිමා හාදියා ඇතුළු පිරිසට එම චාරිකාව නවත්වා නැවත යෑමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අප්‍රේල් 18 වැනිදා නාරම්මල කටුපොත පොලිස් වසමේ පදිංචිව සිටින ඇය සිය පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමඟ පැමිණි චාරිකාවකදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ෆාතිමා හාදියා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂ්මිගේ බිරිඳ වන අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව ඇයට කල්මුණේ මහාධිකරණයේ එක් නඩුවක් පවතිනවා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සාරා ජැස්මින් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දීමට අසමත් වීම සම්බන්ධයෙන්. එම නඩුවට අදාළව ඇය ඇප මත සිටින අතර, ඇයට මෙවැනි විනෝද චාරිකාවක යෙදීම සීමා කරමින් කිසිදු ගමනාගමන තහනමක් නොමැත.

පසුගිය වසරේදී ෆාතිමා හාදියාගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් සපිරෙන දින මීගමුවේ රැඳී සිටිම මතයි.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසුව ඔවුන් නිදහස් කිරීමට කටයුතු කර තිබුණා.

– News 19

Exit mobile version