Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ දේහය ගොඩ ගැනිමට අධිකරණයෙන් නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ දේහය ගොඩගන්න අධිකරණයෙන් නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ දේහය ගොඩගන්න අධිකරණයෙන් නියෝග

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මරණයට පත් වූ සත්සර නිමේෂ් යන මරණකරුගේ මෘත දේහය නැවත ගොඩ ගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් යුත් පශ්චාත් මරණ ප‍රීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.

වින්දිත පාර්ශ්වය විසින් සිදු කරන ලද ඉල්ලීම මත එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

අධිකරණය විසින් සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයට හේතුව කුමක්ද යන්න වාර්තා වී නොමැති බවත්, මරණකරුගේ ලේ සහ මුත්‍රා සාම්පල් රස පරීක්ෂක වෙත භාර දී ඇති බවත්, මරණකරුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව සහ ආශ්‍රය කෙරූ පුද්ගලයින් පිළිබඳ ව විමර්ශන සිදු කරමින් යන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට දැනුම්දුන්නා.

එම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරු 14 දෙනෙකුගෙන්, සිවිල් පුද්ගලයින්ගෙන්, එදින අත්අඩංගුවේ සිටි සැකකරුවන්ගෙන් සහ මානසික වෛද්‍ය ස්ථානයේ සාක්ෂිකරුවන්ගෙන් ගත් ප්‍රකාශයන් සම්බන්ධ වාර්තාවද එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෘත ශරීරය නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මගින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර ඇති බව සඳහන්.

Exit mobile version