Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් CID අත්අඩංගුවට

පෙන් ඩ්‍රයිව් එකක් අල්ලසක් ලෙස ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට

පෙන් ඩ්‍රයිව් එකක් අල්ලසක් ලෙස ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොලේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශණ නොමග යවා අපරාධකරුවන් අනාවරණය වීම වැලැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ දින (08) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ කරදියනාරු දිසා බුද්ධි කාර්යාංශයට අනුයුක්තව මෙම සැකකාර කොස්තාපල්වරයා සේවයේ නිරතව ඇත.

වව්නතිව් ඝාතනයේ සැබෑ අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදු කිරීමට අවකාශ සැළසීම යන චෝදනා මෙම සැකකාර කොස්තාපල්වරයාට එල්ල වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version