Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 06 කාලයක් සඳහා පෙට්‍රල් ලංසුව සිංගප්පූරු සපයුම්කරුවෙකුට

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

2025‑04‑15 සිට 2025‑10‑14 දක්වා මාස හයක (06)ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/- 5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Exit mobile version