Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමක්

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතනවලට මාසයක සහන කාලයක්

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතනවලට මාසයක සහන කාලයක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත.

කෝසල නුවන් මහතා ඊයේ (06) ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවිය.

Exit mobile version