Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විපතට පත් මියන්මාර ජනතාවට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක්

විපතට පත් මියන්මාර ජනතාවට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක්

විපතට පත් මියන්මාර ජනතාවට ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති අතර මෙරට භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩිනමින් මියන්මාරයේ ජනතාව වත ලබාදීම සඳහා රජයේ මැදිහත්වීම මත අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද සඳහන්.

එමෙන්ම වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මියන්මාරය වෙත යැවීම වෙනුවෙන් සූදානම් කර තැබීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Exit mobile version