Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට

චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට

චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප මත මුදා හැරියද එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා ලබන මස අප්‍රේල් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ දින (27) නියෝග කර ඇත.

2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා පළාත් සභාව හරහා රාජය බැංකුවකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කරගැනීම ඇතුළු පැමිණිලි දෙකකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Exit mobile version