Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් නිලතල පිළිබඳ කාරක සභාවෙන් පත් කිරීම් කිහිපයකට අනුමැතිය

රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

රාජ්‍ය ආයතන 4කට පත්කළ සභාපතිවරුන්ට අනුමැතිය

නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කර තිබෙනවා.

ඒ අනුව, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

එමෙන්ම එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහාද අනුමැතිය හිමි වුණා.

මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

Exit mobile version