Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මස දිවයිනට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ දිවයිනට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා ලබන මස මුල මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරය සමග බෙදීමකින් තොරව සබඳතා ගොඩනැගීමට වත්මන් රජය සමත්ව ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියට මුහුණදීම සඳහා ගන්නා පියවර පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.

ඔහු ප්‍රකාශ කලේ, ජී.එස්.පී සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී දිවයිනට පැමිණෙන බවයි.

එම සාකච්ඡා සාර්ථකව ක්‍රියාත්මක බවද විජිත හේරත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙරට සම්බන්ධයෙන් සම්මතවී ඇති යෝජනාවට මුහුණ දෙන ආකාරය පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.

Exit mobile version