Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් වාහන 2,267ක්

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් දුවන වාහන 2,267ක්

CCTV වලින් හඳුනාගත් හොර අංක තහඩුවලින් දුවන වාහන 2,267ක්

කොළඹ නග­රයේ සවි­කර ඇති ආර­ක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට ආරම්භ කර ඇති මෙහෙ­යු­ම්ව­ලින් ව්‍යාජ අංක තහඩු යොදා මහ මඟ ධාව­නය කරන සුඛෝ­ප­භෝගී වාහන 2,267ක් හඳුනා ගැනී­මට පොලී­සිය සමත්ව ඇත.

ආර­ක්ෂක කැමරා මඟින් මාර්ග නීති උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් නීතියේ රැහැ­නට හසු­කර ගැනීමේ මෙහෙ­යුම ආර­ම්භ­ක­රනු ලබන්නේ පසු­ගිය වසරේ පෙබ­ර­වාරි මාස­යේ­දීය. එදා සිට දෙසැ­ම්බර් 31 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ රථ­වා­හන නීති උල්ලං­ඝ­නය කළ වාහන 12,246ක් නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට සමත්ව තිබේ.

කැම­රා­වෙන් හඳු­නා­ගන්නා වාහ­නයේ අංක­යන්ට අනුව එහි ලියා­ප­දිංචි හිමි­කරු හඳු­නා­ගෙන, ඒ ඔස්සේ නීතිය ක්‍රියා­ත්මක කරනු ඇත. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පද්ධ­ති­යට ඍජු­වම මෙම අංශයේ නිල­ධා­රීන්ට සම්බ­න්ධ­වීමේ අව­ස්ථාව ද ඒ සඳහා ලබා දී තිබේ.

කොළඹ නග­රයේ සවි­කර ඇති ආර­ක්ෂක කැම­රා­ව­ලට හසුවූ මාර්ග නීති උල්ලං­ඝ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් නිරී­ක්ෂ­ණය වූ වාහන 12,246 අත­රින් වාහන 2,267ක් හොර වාහන ලෙස හඳු­නා­ගෙන ඇත්තේ එහි ලියා­ප­දිංචි හිමි­කරු සොයා යාමෙනි. මෙම වාහන 2,267න් වැඩි වාහන ප්‍රමා­ණ­යක අංක තහඩු මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ලයේ දත්ත පද්ධ­තියේ මෙතෙක් ලියා­ප­දිංචි කර නොමැති ඒවා බවත්, ඇතැම් වාහන ලියා­ප­දිංචි හිමි­ක­රු­වන් සොයා ගොස් පරීක්ෂා කිරීමේ දී එම පුද්ග­ල­යන්ට එවැනි වාහ­න­යක් තබා යතු­රු­පැ­දි­ය­ක්වත් ගැනී­මට වත්ක­මක් නැති පුද්ග­ල­යන් බවත් පෙනී ගොස් තිබේ.

මෙම වාහන 2267ම හොර වාහන බවට ඒ අනුව විශ්වාස කරන බව මේ සම්බ­න්ධ­යෙන් කළ විම­සීමේ දී සමීප රූප ආවේ­ක්ෂණ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චන්දන කොඩි­තු­වක්කු මහතා පැව­සීය.

මෙම වාහන අංක දිව­යින පුරා පොලිස් ස්ථාන­ව­ලට යොමු­ක­ර­මින් ඒවා නීතියේ රැහැ­නට හසු­කර ගැනීමේ මෙහෙ­යු­මක් ඉදි­රියේදී දියත් කරන බවද කොඩි­තු­වක්කු මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

Exit mobile version