Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අලුයම 1.17ට කක්ෂගත කර තිබෙනවා.

එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්.

මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණ වලංගුකරණය සඳහා මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම දියත් කිරීම Long March වාහක රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කිරීමක්ද වනවා.

Exit mobile version