මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.
වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියා.
රෝහල් තුළ ඇදුම රෝගීන්ගේ සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්‍රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මවුපියන් කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවා.
විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරඟ පැවිත්වීම මෙන්ම ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇති බවයි.
ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන් තාප කම්පන තත්ත්වයන්ට මෙන්ම විජලන තත්ත්වයට පත්වන බවද ඔහු සඳහන් කළා.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම සමටද ඉතා හානිදායක තත්ත්වයන් මතුවිය හැකි බව පැවසු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දහඩිය බිබිලි, දද, කුෂ්ඨ වැනි සමේ රෝග මෙන්ම පාචනය වැනි රෝගී තත්වයන්ගේ වැඩි වීමක්ද ඇති විය හැකි බව පවසා සිටියා.
කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, ජීවනී, දෙහි, දෙළුම්, වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට දෙවරක් ස්නානය කිරීම හෝ විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතු බව තවදුරටත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.