Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබෙනවා.

ඒ අනුව එම පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුයි.

එමෙන්ම ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මේ හේතුවෙන් එම නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නිකුත් කළ නිවේදනයේ අවවාද කරනු ලබනවා.

Exit mobile version