Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් ගෙවා තිබෙනවා – නීතිපතිවරයා

පාස්කු වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් ගෙවා තිබෙනවා - නීතිපතිවරයා

පාස්කු වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් ගෙවා තිබෙනවා - නීතිපතිවරයා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 24ක් (මිලියන 245ක්) වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් කෝටි 24ක් (මිලියන 245ක්) එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් (27) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්. ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, ශ්‍රේ‍ෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට අදාළව රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති බවයි.

ඉන් පසුගිය ජනවාරි මස 31වනදා වනවිට රුපියල් මිලියන 245ක මුදලක් වන්දි වශයෙන් වින්දිතයින්ට ගෙවා තිබෙන බවද ඇය දැනුම් දුන්නාය.

ඒ අනුව, ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 412 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවා තිබෙන බවත්, ඊට මියගිය පුද්ගලයින් 215 දෙනෙකු ඇතුළත් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

අධිකරණ නියෝග මත ලැබුණු වන්දි මුදල්වලින් තවත් මිලියන 65ක් ඉතිරිව තිබෙන බවත්, ඒවා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යකරන වින්දිතයින් සහ වින්දිත වැඩිහිටියන්ගේ රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.

Exit mobile version