Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩබිම්වල අනතුරුවලින් වසරකට පුද්ගලයින් 2000ක් තුවාල වී, ජීවිත 70ක් අහිමි වෙලා

වැඩබිම්වල අනතුරුවලින් වසරකට පුද්ගලයින් 2000ක් තුවාල වී, ජීවිත 70ක් අහිමි වෙලා

වැඩබිම්වල අනතුරුවලින් වසරකට පුද්ගලයින් 2000ක් තුවාල වී, ජීවිත 70ක් අහිමි වෙලා

වැඩබිම්වල සිදුවන අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 70 ආසන්න සංඛ්‍යාවනක් මියයන බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

කම්කරු නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කර ඇත්තේ මෙවැනි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 2000ට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබන බවයි.

ඒ අනුව වැඩබිම් ඉලක්ක කරගනිමින් සැමට සුරක්ෂා වැඩසටහන ආරම්භ කිරිමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සැලසුම් කර ඇති මෙම වැඩසටහන ඔස්සේ සෑම වැඩබිමක් තුළම පුද්ගලයින්ට වැඩකිරිම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණයට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version