Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියට නව කාර්යාංශයක්; අධ්‍යක්‍ෂ ධුරය ශානිට

පොලීසියට අලුත් කාර්යාංශයක්; අධ්‍යක්‍ෂ ධුරය ශානිට

පොලීසියට අලුත් කාර්යාංශයක්; අධ්‍යක්‍ෂ ධුරය ශානිට

පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.

රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසඳා ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශය පිහිටුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේයි එම කාර්යාංශය ක්‍රියාත්මක කෙරෙන්නේ.

එමෙන්ම එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය වශයෙන් අංශ 6ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

Exit mobile version