Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප්ගේ තීරණයකට අධිකරණයෙන් තහනමක්

ට්‍රම්ප්ගේ තීරණයකට අධිකරණයෙන් තහනමක්

ට්‍රම්ප්ගේ තීරණයකට අධිකරණයෙන් තහනමක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ.එස්.ඒඩ් සේවකයන් 2200 කට වැටුප් සහිත නිවාඩු ලබාදීමට ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් තීරණයට එරට අධිකරණයෙන් තාවකාලික තහනමක් පනවා තිබේ.

යූ.එස්.ඒඩ් වෘත්තීය සමිති මගින් ගොණු කළ නඩුවකට අනුවයි මෙම තහනම් නියෝගය ලබාදී ඇත්තේ.

එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශීය සංවර්ධන අංශය වන මෙහි දස දහසක පමණ පිරිසක් සේවය කරන අතර එම පිරිසෙන් තුනෙන් දෙකක්ම සේවය කරන්නේ ඇමෙරිකාවෙන් පිටත වීමද විශේෂත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම මෙහි සේවකයන් 611 දෙනෙකු පමණක් රඳවා ගැනීමයි. ඩොනල්ට් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ විශාල සේවක පිරිසක් මෙහි සිටීමෙන් රටට විශාල මුදලක් අහිමි වන බවයි.

Exit mobile version