Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරු, ඔවුන්ට ගෙවන මුදල් ගැන අනාවරණයක්

විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරු, ඔවුන්ට ගෙවන මුදල් ගැන අනාවරණයක්

විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරු, ඔවුන්ට ගෙවන මුදල් ගැන අනාවරණයක්

පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල පිළිබඳවත් අද දිනයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා මෙම කරුණු කියා සිටියේය.

1976 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය හා ඒ වෙනුවෙන් ගෙවනු ලබන මුදල් පිළිබඳ මෙහිදී ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා කරුණු පැවසීය.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටියි. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කලාත්‍රයන් (බිරිද හෝ සැමියා) 182කි.

ඒ අනුව මන්ත්‍රීවරු හා කලාත්‍රයන් 500කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් මුදල් ගෙවනු ලැබේ.

මේ අතර විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යැපෙන්නන් 7ක් සිටින බව ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසිකව දෙකෝටි තිස්පන් ලක්ෂ 41,645ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවනු ලබයි.

තවද කලාත්‍රයන් සඳහා එක්කෝටි දසලක්ෂ 25,216ක මුදලක්ද, යැපෙන්නන් සඳහා හාරලක්ෂ 20,121ක මුදලක්ද පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවන බව ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version