මේ දිනවල මෙරට වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති වායු දූෂණය, ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොලයේ රෝග වැනි දීර්ඝකාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවයි.
වායු දූෂණය යම් වෙලාවකට පමණක් බලපාන දෙයක් නොවන බවද, එනම් කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි එවෙලේ හටගන්නා තත්ත්වයක් පමණක් නොවන බවද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම එම වායුගෝලයේ පවතින සංඝටක අපගේ පෙනහලු පද්ධතියට පමණක් නොව අපගේ ශරීර අවයවයන් බොහෝමයකට නරක බලපෑම් එල්ල කළ හැකි බවද ඔහු එහිදී සඳහන් කළා.
වායුගෝලයේ අවට ඇති ඇතැම් සංඝටක වලින් මිනිසුන්ගේ ආයු කාලය සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකි බවට සොයාගෙන ඇති අතර දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ වාර්තා 70,000 .කින් පමණ අවුරුද්දකට මිලියන 07ක් ජනතාව තමන් මියයාමට සුදුසු කාලයට පෙර වායුදූෂණය හේතුවෙන් මියයන බව තහවුරු වී ඇතැයිද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවා.