Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සහන ඒජන්සියෙන් ඉවත් වෙයි

අමෙරිකාව එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සහන ඒජන්සියෙන් ඉවත් වෙයි

අමෙරිකාව එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සහන ඒජන්සියෙන් ඉවත් වෙයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඊට අදාළ විධායක නියෝග වලට අත්සන් තබමිනි.

පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ විවාදාත්මක තීරණ රැසක් ගැනීමට කටයුතු කළේය. අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ඒ අතරින් ප්‍රමුඛ කාරණා වේ.

මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.
සිය ප්‍රථම ධුරකාලයේදී එනම් 2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තේය. ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමිනි.

කෙසේ වෙතත් නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස අමෙරිකාව 2021 වසරේදී එක්වුණේ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සහන ඒජන්සිය එනම් අනර්වා සංවිධානයට ආධාර ලබාදීම අත්හිටුවීමට අදාළ විධායක නියෝගයටත් ට්‍රම්ප් පසුගියදා අත්සන් තැබීය.

ගාසා තීරය, බටහිර ඉවුර, ජෝර්දානය, ලෙබනනය, සහ සිරියාවේ ජීවත්වන පලස්තීන සරණාගතයන්ට සහන ලබාදෙන මෙම සංවිධානය පිහිටුවා ඇත්තේ 1950 වසරේදීය.

Exit mobile version