Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වේ. ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.

2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය පෙබරවාරි පළමු වෙනිදා, එනම් ඊයේ දිනයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.
එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

Exit mobile version