Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ජාතික පුනරුදයට පෙලගැසෙමු” යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම

"ජාතික පුනරුදයට පෙලගැසෙමු" යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම

"ජාතික පුනරුදයට පෙලගැසෙමු" යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, ගියවර නිදහස් සැමරුම් උළෙල සඳහා වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 27ක් ඉතිරි කර ගැනීමට මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී හැකිවූ බවයි.

ගිය වර නිදහස් සමරු උළෙලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 107කි.

එහෙත් මෙවර එය රුපියල් මිලියන 80කට සීමා කිරිමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ 77වැනි නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ජාතික පුනරුදයට පෙලගැසෙමු යන තේමාවෙන් මෙවර නිදහස් දින සැමරුම සිදු කෙරෙන බව ඒ මහතා පැවසීය.

මෙවර නිදහස් සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර වෙඩි මුර පිරිනැමෙන්නේ නැති බවත් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියට සහභාගි වන භට පිරිසද අඩු කර ඇති බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version