කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයේ දැවැන්ත පහළ යාමක් 2025 ජනවාරි මාසේයේ දී වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව මෙලෙස අඛණ්ඩව පස්වන මාසයටත් උද්ධමනයේ ඍණ අගයක් වාර්තා කර තිබෙන බව සඳහන්.
ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 1.7%ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේදී 4.0%ක අවධමනයක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබෙනවා.
මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 0.8% මට්ටමේ සිට 2025 ජනවාරි මාසයේදී 2.6%ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද 2024 දෙසැම්බර් මාසයේ පැවති 3.0%ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේදී 4.7ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙනවා.